Android දුරකතනයෙන් පරිගණකය පාලනය කරමු.
හුග කාලෙකට පස්සේ තමයි ආයේ site එකට post එකක් ලියන්න වෙලාවක් හම්බවුනේ. අවුරුද්දකට විතර පස්සේ තමයි මම මේ site එකට post එකක් ලියන්නේ. කාලෙකින් ලියන එකේ ලියන්න හොඳ post එකක් හම්බුනා. Title එක කියෙව්වාම කට්ටියට තේරෙනවා ඇතිනේ අද මොකක්ද කියල දෙන්න යන්නේ කියල. කට්ටිය හුගක් ආසා ඇති මේ දේ කොහොමද කරන්නේ කියල දැනගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු. මුලින්ම කියන්නේ ඕනේ මේ දේ කරන්න පුළුවන් ක්රම දෙකක් මම මේකෙදි කියල දෙනවා. ඒ කියන්නේ software දෙකක් යොදාගෙන මේ දේ කරණ විදිය කියල දෙනවා. මේ දෙවිදියෙන් ඔයාලට හොඳ ක්රමය තීරණය කරණ එක ඔයාලගේ වැඩක්. මම ඒ දේ ඔයාලට බාර දෙනවා. නමුත් මම personally recommend කරන්නේ දෙවෙනි ක්රමය තමයි. මේකට ඕන වෙන දේවල් ටික ඉස්සෙල්ලම කියාගෙන යන්නම්. android 4.0 + phone එකක්. PC එකක් wifi router එකක් 1. Using Google Remote Desktop මුලින්ම කියන්නේ ඕනේ මේක google chrome හරහා සිදු වෙන එකක් උනාට මේකෙන් මුළු computer එකම control කරන්න පුළුවන්. google chrome එක විතරක් නෙවෙයි. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මෙන්න මේ app එක google chrome එකට දාගන්න එක. Google Remote desktop ඊට පස්සේ මේ app එක ඔයාගේ android phone එකට දාගන්න. Google Remote desktop for android දැන් chrome එකේ apps වලට ගිහින් google remote desktop open කරගන්න. දැන් යට තියෙන My Computers ගාව තියෙන Get Started කියන button එක click කරන්න. පළවෙනිම සැරේ මේ app එකට ඔයාල permission දෙන්න වෙනවා. ඊට පස්සේ “enable remote connection” කියන එක click කරන්න වෙනවා එහෙම click කරාට පස්සේ ඔටය pin එකක් දෙන්න වෙයි. characters 6 ක් වෙන්න pin එකක් දෙන්න. ඊට පස්සේ ආයේ permission දෙන්න window එකක් popup වෙලා එයි. එකත් OK කරන්න. ඔන්න දැන් PC එකෙන් කරන්න තියෙන වැඩ ටික ඉවරයි. දැන් යන්න තියෙන්නේ ඔයාලගේ phone එකට. දැන් ඔයාගේ phone එකට දාගත්ත app එකට යන්න. දැන් එකේ MY Computers යටතේ ඔයාගේ computer එක පෙන්නයි.
0 comments:
Post a Comment